FAST NEWS

24×7 Around the Globe

ආනයනික පොල් තෙල්වල ප්‍රමිතිය තහවුරු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මතභේදයට ලක්වූ ආනයනික පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කරගෙන ඇත. ඒ සම්බන්ධයෙන් වන වාර්තා අද පෙරවරුවේ රෙගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බාර දුන් බව වාර්තා වෙයි.   

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ අදාළ පොල්තෙල් ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බවයි.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පරීක්ෂණ අවසන් වන තෙක් පාරිභෝහික සේවා අධිකාරිය යටතේ රඳවාගෙන තිබූ අදාළ තෙල් තොග ඇතුලත් කන්ටේනර් නැවත හරවා යවනු ඇත.