FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා මැතිවරණය පිළිබඳ අවසන් තීන්දුව අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (29) රැස්වන කැබිනට් මණ්ඩලයේ දී ගැනීමට නියමිතව ඇත.   

ඒ අනුව පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පවත්වන්නේ ද නැතහොත් නව කොට්ඨාස ක්‍රමයට පවත්වන්නේ ද යන්න තීරණය කෙරෙනු ඇති.

දිගින් දිගටම කල් දැමෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ විකල්ප යෝජනා 02ක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම අතරද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති අතර, එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය බාධා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.