FAST NEWS

24×7 Around the Globe

පාසල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (29) සිට යළි බස්නාහිර පළාතේ පාසල්හි සියලුම ශ්‍රේණි නැවත විවෘත කිරීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) අඛණ්ඩව පාසල් අධීක්ෂණය කිරීම සඳහා යොමු වීමට නියමිතය.

කොවිඩ්-19 නිසා ඇති වන සෞඛ්‍යය තර්ජනය තවමත් රට තුළ පවතින බැවින්, ශ්‍රී ලංකා බලධාරීන් නැවත පාසල් විවෘත කිරීමට පෙර ඊට අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

එළිමහනේ සිටින විට මුහුණු ආවරණ පැළඳීමටත්, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමටත්, පන්ති කාමරවලට ඇතුළුවීමට පෙර සහ පිටවීමට පෙර අත් සෝදන ලෙසටත් සෞඛ්‍ය බලධාරීන් පාසල් දරුවන්ගෙන් ඉල්ලා සිටියි.