FAST NEWS

24×7 Around the Globe

මැණික් පතලක සිරවී දෙදෙනෙකු මියයයි

(ෆාස්ට් නිව්ස් | රත්නපුර) – අවිස්සාවෙල්ල – වේරලුපිටියෙහි මැණික් පතලක සිරවී 44 සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (27) මියගොස් තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් පතලට විදුලිය සැපයීම අඩාල වී ඇති අතර, පතලට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනා එහි සිරවී සිට ඇත.

ඔවුන්ගේ මළ සිරුරු අවිස්සාවැල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර, මරණයට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ පවත්වනු ලැබේ.