තමන් පක්ෂයෙන් නෙරපීමට එරෙහිව පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව අභියාචනාධිකරණය අද (02)ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, පෙත්සම ගොනු කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක දයාරත්න, දකුණු පළාත් සභා මන්ත්‍රී පද්මසිරි ද සිල්වා හා වයඹ පළාත් සභා මන්ත්‍රී මල්හාමි රත්නායක යන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීම නීති විරෝධි බව අභියාචනාධිකරණය තීන්දු කළේ ය.
පෙත්සම විභාග කෙරුණේ විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ හා එස්. එච්. මඩවල යන විනිසුරු මඩුල්ල හමුවේ ය.
මන්ත්‍රීවරුන් තිදෙනා පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජානධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට ගත් තීරණය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට පියවර ගෙන තිබේ.
එම තීරණය අභියෝගයට ලක් කරමින් අදාළ මන්ත්‍රීවරුන් තිදෙනා මෙම පෙත්සම ගොනු කළ අතර එමගින් ඔවුන් ඉල්ලා සිටියේ පක්ෂයේ තීරණය බල රහිත කරන ලෙස ය.







