FAST NEWS

24×7 Around the Globe

අලුත් අවුරුදු සමයේදී එක්රැස්වීම් තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද තුළ උත්සව, කණ්ඩායම් ලෙස එකතුවීම් තහනම් කරන බව රජය දැනුම් දෙයි.   

කිරීටක වෛරසය පැතිරීම සහතික කිරීම සඳහා විශාල රැස්වීම් තහනම් කරන බව අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

නිවාඩු කාලය තුළ පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීමට වගබලා ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

උත්සව සමයේ පවුල් එකමුතු වීම වළක්වන බැවින් සංචාරක සීමා පැනවීමට රජය උනන්දු නොවන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.