FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට ලබන 31 වනදා පැය 18ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් ලබන 31 වනදා පස්වරු 10 සිට අප්‍රේල් 01 වනදා පස්වරු 04 දක්වා පැය 18ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.    

ඒ අනුව වනවාසල, ඔලියමුල්ල, වත්තල මීගමුව පාර, ඇවරියවත්ත පාර, තෙලගපාත, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශ සහ හැදල පාර කොටසක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.