දෙරට අතර සංචාරය කිරීමේ තහනම කඩිනමින් ඉවත් කළ යුතු යැයි ඔහු ප්රවෘත්ති සාකච්ඡාවක දී කී අතර එය පදනම් කරගෙන 1989 දී මිනිස්සු එකතු වී බර්ලින් තාප්පය බිඳ හෙළූහ.
නිලධාරීන් උත්සවාකාරයෙන් බර්ලින් තාප්පය ඉවත් කිරීමට සිටි නමුත් ඊට පෙර ගුන්තර් ශබොව්ස්කි පැවැසූ මේ හැඟීම්බර ප්රකාශය මිනිසුන් උද්යෝගයට පත් කොට බර්ලින් තාප්පය බිඳ හෙළීමට යොමු කළේ ය.
මෙම සිද්ධියෙන් වසරකට අඩු කාලයක දී බටහිර සහ නැගෙනහිර දෙරට නැවත එක්වී වසර 45ක් තිස්සේ පවත්වාගෙන ආ එදිරිවාදිකම් අත් හළහ.
ගුන්තර් මියයන විට ඔහුට වයස අවුරුදු 86ක් විය.







