FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ වාර්තා වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (25) දිනයේ තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 557ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .