FAST NEWS

24×7 Around the Globe

මහෙස්ත්‍රාත් සහ විනිසුරුවරුන් 72 කට ස්ථාන මාරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන ඇත.   

එම කොමිෂන් සභාව තීරණය කළේ , වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ අප්‍රේල් මස 05 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.

ඒ අනුව කොළඹ වැඩබලන ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාව සිටි ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස පත්කර ඇති අතර කොළඹ වැඩබලන දිසා විනිසුරුවරයාව සිටි ඒ.ජී. අලුත්ගේ මහතා කොළඹ දිසාවිනිසුරුවරයා ලෙස ද පත්කර තිබේ.

මෙම වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අද (25) දිනය දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.