FAST NEWS

24×7 Around the Globe

කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ආරම්භය 05 වනදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අගරදගුරු පදවිය යටතේ පාලනය වන කතෝලික පාසල්වල මෙතෙක් අධ්‍යයන කටයුතු ආරම්භ නොවූ ශ්‍රේණි නැවත ආරම්භය අප්‍රේල් 05 වනදා සිදු කෙරෙන බව කොළඹ අගරදගුරු පදවිය නිවේදනය කරයි.   

ඒ අනුව අනෙකුත් රජයේ පාසල් විවෘත කෙරෙන ලබන සඳුදා දිනයේදී අදාළ කතෝලික පාසල් විවෘත නොවනු ඇති.

කොළඹ අගරදගුරු පදවිය යටතේ පාලනය වන කතෝලික පාසල්වල 05 – 11 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.