FAST NEWS

24×7 Around the Globe

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊයේ රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව එම තීරණයට එළැඹී බවයි.

එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂවල නිල නාමයන් එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර තිබේ නම්, ඒවා සංශෝධනය කිරීමට ද තීරණය කර ඇත.