FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි විවෘත වන දිනය ප්‍රකාශයට පත්කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ සියලුම පාසල් සියලුම ශ්‍රේණි සඳහා ලබන 29 වනදා සිට යළි ආරම්භ කිරිමට තීරණය කර ඇත.    

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාර්තු 15 වන දින සිට බස්නාහිර පළාතේ 5, 11 හා 13 යන ශ්‍රේණී සඳහා පමණක් අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලැබීය.