FAST NEWS

24×7 Around the Globe

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් |කළුතර ) – කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (24) පෙරවරු 08.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, හික්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ සහ මොරොන්තුඩුව යන ප්රවදේශවල ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

අදාළ ප්‍රදේශවලට හෙට පෙරවරු 08.00 සිට අලුයම 02.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.