1999 වසරේ මාතලේ – දඹුල්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර, තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් තවදුරටත් නොවැම්බර් 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
රෝහල් ගත කර සිටින මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බැවින් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු මාර්ගයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කර තිබේ.
ඒ අනුව නොවැම්බර් 11 වන දා මෙම නඩුව යළි කැදවීමට නියමිතයි.







