FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවලියේ ඡන්දය විමසීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබද ගෙන ආ යෝජනාවලිය සම්බන්දයෙන් ඡන්දය විමසීම අද (23) සිදු කිරීමට නියමිතයි.   

මෙම ඡන්ද විමසීම ඊයේ (22) පැවැත්වීමට නියමිත වුවද අද දිනය දක්වා කල් දමනු ලැබීය.

රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කලේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 01 ට පමණ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටවල් 193 ක් අතරින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද බලය හිමි රටවල් ගණන 47 ක්.

ඉන් පකිස්ථානය ඇතුලු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව මේ වනවිටත් ප්‍රකාශ කර ඇත.