FAST NEWS

24×7 Around the Globe

අද සිට දින 4 ක් පාර්ලිමේන්තුව රැස්වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුව අද (23) යළි රැස්වීමට නියමිතය.   

රේගු ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ ආනයන තීරුබදු සම්බන්ධව වන යෝජනාවක් / ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසි 02 ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද අද විවාදයට ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව පස්වරු 04.30 සිට පස්වරු 05.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ඇත.

මේ අතර පසුගිය 10 වැනිදා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින පැවැත්වීමට නියමිතයි.