FAST NEWS

24×7 Around the Globe

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (23) පෙරවරු 09 සිට පැය 06 ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි. 

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි විදුලි අලුත්වැඩියාවක් ඊට හේතුවී ඇත.

ඒ අනුව , පෑලියගොඩ / වත්තල / ජා-ඇළ / කටුනායක සහ සීදුව යන නගර සභා බල ප්‍රදේශ ඊට අයත්.

කැළණිය , වත්තල , බියගම, මහර , දොම්පේ , ජා-ඇළ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකද ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේය.