FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් යළි රිමාන්ඩ්.

ජනපතිවරණ සමයේ දී එජාප ආධාරකරුවකුට වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු සැකකරුවෝ තිදෙනෙක් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා මහතා විසින් ලබන 17 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

සබරගමු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි, නිවිතිගල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අජිත් මලන් ගුණරත්න රිමාන්ඩ් කැරුණු සෙසු සැකකරුවෝ ය.

මහාධිකරණයේ අප ලබා සිටි ඝාතනයේ සිව් වැනි සැකකරු සරත් චන්ද්‍රසිරි බණ්ඩාර රුපියල් පනස් දහසක බැගින් මුදල් ඇප දෙකක් ද රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් ද මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

ප්‍රේමලාල් ජයසේකර මහතා පසුගිය ජනවාරි මාසයේ සිට රිමාන්ඩ් බාරයේ පසු වෙයි.