FAST NEWS

24×7 Around the Globe

පැය පහක ප්‍රකාශයකින් අනතුරුව රාජිත – චතුර CCD යෙන් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබු, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරාත්න හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පැය 5 ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එම ස්ථානයෙන් නික්ම ගියහ.


 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ඇමති රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් හිටපු මන්ත්‍රී චතුර සේනාරත්න කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත.  

මාධ්‍යවේදියෙකු පැහැරගත් බව කියන පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔවුන් මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.