FAST NEWS

24×7 Around the Globe

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තවාදී ප්‍රකාශ සිදුකල තවත් පුද්ගලයෙකු වැලිගමදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

සැකකරු පසුගිය 12 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කර ඇති අයෙකු වන අතර , ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 27 ක පමණ මුදලක් සහ ලැප්ටොප් පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු 42 හැවිරිදි මාවනැල්ල කිරිගංදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.