FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 15 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව, කොළඹ 01, 03, 09, 14 සහ කඩුවෙල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

එම කාලය තුළ කොළඹ 02, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ ය.

නල මාර්ගයක අලුත්වැඩියාවකින් ඊට හේතු වී ඇත.