FAST NEWS

24×7 Around the Globe

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පකිස්ථාන සහය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට සහය දෙන බවට පකිස්ථානය නැවත සහතික වී ඇත.   

එරට ජනාධිපති අරිෆ් අල්වි මහතා මේ බව සඳහන් කර ඇත්තේ පකිස්ථානයේ නිල සංචාරයක නිරත වන යුධ හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවූ අවස්ථාවේදීයි.

ත්‍රස්තවාදය පරාජය කිරීමේදී වඩාත්ම සාර්ථක රට ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් පෙරමුණේ පසුවන බව පකිස්ථාන ජනාධිපතිවරයා අවධාරණය කළේය.