FAST NEWS

24×7 Around the Globe

රවි ඇතුළු පිරිස රිමාන්ඩ් බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 

ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ පී සී අර් පරීක්ෂණයෙන් ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරුවීම නිසා  රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.