FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් වූ පාසල් සිසුවා සොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අතුරුදන් වූ බව කියන රත්මලාන – දහම් මාවතේ පදිංචි ඇල්ඩන් ඩෙවොන් කෙනී නැමැති 16 හැවිරිදි සිසුවා සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.