FAST NEWS

24×7 Around the Globe

කොළඹ වැඩිහිටි නිවාසවල නේවාසිකයන්ට සතියක් තුළ කොවිඩ් එන්නත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහ නගර සභා සීමාවේ ඇති වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ට කොවිඩ් එන්නත සතියක් තුළදී ලබා දී අවසන් කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසයි.  

ඊයේ (18) සිට විශේෂ ගිලන් රථ සේවාවක් මගින් කොළඹ මහ නගර සභා සීමාව තුළ වැඩිහිටි නිවාස 28 ක වැඩිහිටියන් 2800 කට කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කෙරිණි.

වැඩිහිටියන් සිටින නිවාස සඳහා ගිලන් රථවලින් අදාළ නිලධාරීන් ගොස් මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.