FAST NEWS

24×7 Around the Globe

අගමැති හෙට බංග්ලාදේශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (19) බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.  

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිතය.

බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන ශෙයික් මුජිබර් රහමන් මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරතවීම සිදුවේ.