FAST NEWS

24×7 Around the Globe

කොළඹ 60 ට වැඩි අයට එන්නත් ලබා ගන්නැයි ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහ නගර සභා සීමාවේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා එන්නත ලබාගන්නා ලෙස එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි.   

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන නිසි ක්‍රමවේදයකින් යුතුව ක්‍රියාත්මක විය යුතු බවයි.

නව ආසාදිතයින් 338 දෙදෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 88,862 ක් දක්වා ඉහළ ගියේය.