FAST NEWS

24×7 Around the Globe

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලංකාවට ගෙන්වීම කෙරෙහි අවධානය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදනය කර ඇති ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතද ශ්‍රී ලංකාවට ගෙන්වීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

එමෙන්ම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් එන්නත ගෙන්වීම සඳහා ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරිය අවධාරණය කළේය.

කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සඳහන් කර සිටියාය.