FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත.  

කෙසේ වෙතත් ඊයේ (16) පස්වරුවේ රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවක නිරතවුණේ කඩිනමින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල විවෘත කරන ලෙස බල කරමින්.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා පවත්වන බවයි.

මේ වනවිටත් විශ්වවිද්‍යාල තුළ විභාග කටයුතු සිදුවන බවද ඔහු සඳහන් කළේය.