FAST NEWS

24×7 Around the Globe

සහල් මිල පාලනයට කැබිනට්ටුව ගත් තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාලන මිල යටතේ වෙළෙඳපොළේ දැනට ප්‍රමාණවත් සහල් තොග නොමැතිවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමුව තිබේ.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර අඛණ්ඩව සතොස ආයතනයේ ශාඛා ජාලය මඟින් බෙදා හැරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එම වැඩපිළිවලේ ප්‍රගතිය සැලකිල්ලට ගෙන තවදුරටත් ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.