FAST NEWS

24×7 Around the Globe

වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට එරෙහි චෝදනා පත්‍රය නීතිපති ඉල්ලා අස්කරගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කූඨ ලේඛණ සකස් කර මහරගම නගරයේ ඇති රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් අත්පත් කරගැනීම සම්බන්ධ චෝදනාවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කරනු ලැබීය.  

1996 වසරේදී සිදුව ඇතැයි කියන අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා ගොණු කර ඇත්තේ නියමිත කාලය ඉක්මවා බව විත්තිකාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයේදී පෙන්වා දී තිබුණි.

ඒ අනුව කාලාවරෝධ පණත යටතේ නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීමත් සමග විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියම කළේය.