FAST NEWS

24×7 Around the Globe

අන්තරේ ප්‍රමුඛ දිවයින පුරා සිසුන් අද කොළඹට.

අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාව ලබා දෙන ලෙස ඉල්ලමින් ඉකුත්දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුණු සිසුන්ට පොලිසිය විසින් පහරදීමට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කොට ගෙන අද (3දා) දිනයේදී රට පුරා සියලු විශ්වවිද්‍යාල සහ තාක්ෂණ විශ්වවිද්‍යාලවල සිසුන් එක්ව කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පවසයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කොට සරසවිවල නව බඳවා ගැනීම් ඉහළ දමන ලෙසත්, අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තිය හකුළා ගන්නා ලෙසත් බලධාරීන්ට බලපෑම් කිරීම මේ විරෝධතා පාගමනේ මූලික අරමුණු බව ඔහු පැවැසීය.