FAST NEWS

24×7 Around the Globe

ගාල්ල බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන 30ක් හමු වෙයි

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ගාල්ල බන්ධනාගාරය තුල නිරන්තර සෝදිසි මෙහෙයුම් කිරීමේ ප්‍රථිපලයක් වශයෙන් පසුගිය කාලය තුළ රැදවියන් සතුව තිබූ ජංගම දුරකථන 30 ක් පමණ සොයාගැනිමට හැකිවූ බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.  

එමෙන්ම බන්ධනාගාරය තුලට ඉතා සුක්ෂම ලෙස රැගෙන එමට උත්සාහ කළ ගංජා , දුම්කොළ ඇතුළු විෂ මත්ද්‍රව්‍යයද විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් සිදුකරණ සෝදිසි මෙහෙයුම්වල ප්‍රථිපලයක් වශයෙන් සොයාගැනීමට හැකිවූ බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පෙන්වා දෙයි.

ගාල්ල නව බන්ධනාගාරඅධිකාරි ධුරයට මොහාන්දාස් නිමල් ශාන්ත මහතා පත්වීමත් සමග මෙම සෝදිසි මෙහෙයුම් කටයුතු වැඩිවශයෙන් සිදුකරනු ලැබීය.

එමෙන්ම රැදවියන්ගේ සුභ සාධනය වෙනුවෙන්ද විශේෂ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් පවතින බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.