FAST NEWS

24×7 Around the Globe

මෙරටට පැමිණෙන ලාංකිකයන් නිරෝධායනය වන දින ගණන පිළිබඳ අද විශේෂ තීන්දුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන තුල රැඳී සිටිය යුතු දින ගණන දින 07 ක් දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (15) දිනයේදී ගැනීමට නියමිතයි.   

අද රැස්වන කොවිඩ් 19 තාක්ෂණික කමිටුවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මෙම ඉල්ලීම කර තිබුණි.

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ලාංකිකයන් හෝටල් තුළ නිරෝධායනය වීමේදී මුහුණදීමට සිදුවන විවිධ අපහසුතා පිළිබඳ සළකා මෙම ඉල්ලීම ඉදිරිපත් කල බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.