FAST NEWS

24×7 Around the Globe

සහල් ආනයනයට රජය සූදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළඳපොළේ සහල් මිල පහළ නොදමන්නේනම් සහල් ආනයනයට රජය සූදානම් බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.   

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් කඩිනමින් ආනයනය කරන බවයි.

මේ දිනවල වෙළඳපොළේ සහල් හිඟය සහ මිල ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම සහල් ක්‍රිලෝග්‍රෑම් එකක් රුපියල් සියයට වඩා අඩුවෙන් අලෙවි කිරීමට පියවර ගන්නා බව ද බන්දුල ගුණවර්ධන මහතා පවසයි.