FAST NEWS

24×7 Around the Globe

ජනපති තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමු වෙයි.

තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චෑන්-ඕ-චා (Prayut Chan-o-cha ) මහතා අතර නිල හමුව අද (02) පෙරවරුවේ තායිලන්ත අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි.

සිය සිව් දින නිල සංචාරයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ කරමින් අද පෙරවරුවේ තායිලන්ත අග්‍රාමාත්‍ය නිල නිවස වෙත ගිය ජනාධිපතිතුමා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් හමුදා උත්මාචාර සහිතව ඉතා දැකුම්කළු පිළිගැනීමේ උත්සවයක් සමඟ මහත් හරසරින් යුතුව පිළින්නා ලදී.

එහිදී ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නියෝජිත පිරිස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත හදුන්වා දුන් අතර විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීය.

ජනාධිපතිතුමා සහ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අතර ද්වි පාර්ශවික සාච්ඡාවක් ද පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ තායිලන්ත අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ කර වසර 60 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් ජනාධිපතිතුමාට විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමිණි.