FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායක සජිත් ඇතුලු නායකයින් පිරිසක් CID යට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.   

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කට උත්තරයක් ගැනීමට අශෝක් අබේසිංහ මහතා ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හේතුවෙනි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු සටහන් දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.