FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ ප්‍රකාශයකට එරෙහිව රිෂාඩ්ගෙන් CID යට පැමිණිල්ලක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා අද (10) අමාත්‍ය විමල් වීරවංශ මහතා ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.   

ඒ, රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට වන තොරතුරක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඊයේ උත්සවයකදී පළකළ අදහසක් සම්බන්ධයෙන්.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ හැකිනම් එම චෝදනා ඔප්පු කරන ලෙසය.