කෝට්ටේ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තුවක් මත වැලිකඩ පොලිසිය විසින් අද දහවල් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
පොලිස් නිලධාරියෙකුට පහරදීමක් සම්බන්ධයෙන් ධනුක විශ්වජිත් හිටපු නාගරික මන්ත්‍රීවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණි.
ඔහු අලුත්කඩේ අංක 04 දරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.







