FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පාසල්වල සෙසු ශ්‍රේණි ආරම්භය අප්‍රේල් මස 19 වනදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන අප්‍රේල් මස 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද ප්‍රකාශ කළේය.   

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා ආරම්භ කිරීමට තීරණය කරනු ලැබුවේය.