FAST NEWS

24×7 Around the Globe

කැනේඩියානු මහ කොමසාරිස්ගේ ට්විටර් පණිවිඩයට පොලිසියෙන් පිළිතුරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමාව ආවේක්ෂණයට ලක්ව ඇත්දැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා විමසා තිබේ.   

ඔහු ප්‍රශ්න කර සිටින්නේ, තම නිළ නිවස ඉදිරිපිට මාධ්‍ය නොමැති අවස්ථාවක තම පෞද්ගලික රැස්වීම් පිළිබඳව මාධ්‍ය ආවරණයක් ලැබෙන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි.

බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා කැනේඩියානු නිවහනේදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා හමුවීම, පසුගියදා පුවත්පත් දෙකක්, අනාවරණ කර තිබිණ.

ඊට අමතරව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය හා දකුණු කොරියානු තානාපති හමුවීම පිළිබඳව ද මෙරට පුවත්පත් අනාවරණ කර තිබිණ.

බංග්ලාදේශය හා දකුණු කොරියාව යන රටවල් දෙකම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සාමාජික රාජ්‍යයන් ය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ , කැනේඩියා මහ කොමසාරිස්වරයා ආවේක්ෂණයට ලක්කරන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.