FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායමේ සංශෝධිත යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට අද (08) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.   

මෙරට ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ජගත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් මීට පෙර ඉදිරිපත් කළ අතර, එහි සංශෝධිත යෝජනාවක් මෙලෙස ඉදිරිපත් කෙරෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිය වාර්ෂික වාර්තාව පසුගිය මස 24 වනදා එම කවුන්සිලයට ඉදිරිපත් කර තිබුණි.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම වාර්තාවට ලක් රජයේ අප්‍රසාදය පළ කළේ ඉන් පසුවයි.