FAST NEWS

24×7 Around the Globe

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් පිරිසකටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | නුවරඑළිය) – ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබේ.  

එම අසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

එම ජල විදුලි බලාගාරයේ සේවකයින් තිදෙනෙකුට මීට ප්‍රථම කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එහි සෙසු සේවකයින් ඊයේ (05) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කළ බවත් එහිදී සේවකයින් 7 දෙනෙකු මෙලෙස ආසාදිතයින් බවට තහවුරු වුණු බවත් එම කාර්යාලය සඳහන් කළේය.

අසාදිතයින් හමුවීමත් සමග ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ තවත් සෙවකයින් 140 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා භාජනය කර ඔවුන් ජල විදුලි බලාගාර සංකීර්ණයේ සේවක නිල නිවාසවලම ස්වයං නිරෝධායනයට යොමු කළ බව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිලධාරියෙකු පැවසීය.