FAST NEWS

24×7 Around the Globe

ඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී 12 දෙනෙක් රෝහලට

(ෆාස්ට් නිව්ස් | බදුල්ල) – බණ්ඩාරවෙල, ඇල්ල – හල්පේ ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් වෙලකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා ඇත.   

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයේ සිට අඩි 12 ක් පමණ පහලින් ඇති වෙලකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබූ මගීන් පිරිස බදුල්ල සහ දෙමෝදර රොහල්වෙත ඇතුලත් කර ඇත.

මීට අමතරව, අද (06) අලුයම වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී මෝටර් රථයකින් පැමිණි බීමත් රියදුරෙකු සිදුකළ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අද මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.