FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) පෙරවරු 9 සිට හෙට (07) අලුයම 5 දක්වා පැය 20 කාලයක් කොළඹ ආසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.   

ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය , රාජගිරිය , මොරගස්මුල්ල , ඔබේසේකරපුර , බණ්ඩාරනායකපුර , නාවල , කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග වල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේය.

අඹතලේ ජල පොම්පාගාරයේ සිට කොළොන්නාව දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් මීට හේතුවයි.