FAST NEWS

24×7 Around the Globe

කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට සැලසුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.   

එම අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, දැනටමටත් මිලියන 10 ක් ගැනීමට අදාළ අරමුදලක් සහතික කර ඇති බවය.

මේ වනවිට කොරෝනා එන්නත් හය ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් මෙරට පුද්ගලයින්ට ලබාදී ඇති බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.