FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට චීන සහය ස්ථිරයි – චීන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් සහතිකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවට චීනය සහතික වී ඇත.  

චීනයේ විදේශ සබඳතා නියෝජ්‍ය අමාත්‍ය ලුඕ ෂාඕහුයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන පෙරේදා හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කල බව බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමට එක්කර තිබූ නිවේදනයක දැක්විය.

කොරෝනා වසංගත තත්ත්වය කළමනාකරණයට සහය ලබාදීමට සහ මෙරට සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට අවශ්‍ය සහය ලබා දෙන බවටද එහිදී විදේශ සබදතා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ දැන් පැවැත්වෙන එහි 46 වන සැසිවාරයට එක්වූ චීන නියෝජිතයාද ශ්‍රී ලංකාවට සහය පළ කරමින් කරුණු දක්වනු ලැබීය.

ඔහු එහිදී කියා සිටියේ රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාව මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් බවයි.