FAST NEWS

24×7 Around the Globe

වේල්ලවීදියෙන් සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුරේ සුල මුළ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වේල්ලවීදිය ප්‍රදේශයෙන් හිස නොමැති කාන්තා මළ සිරුර හමුවීම සිද්ධියේ සැකකාර 52 හැවිරිදි පොලිස් උප පරීක්ෂකවරයාගේ මළ සිරුර බඩල්කුඹුර ප්‍රදේශයෙන් හමුවී තිබේ.  

එහිදීයි අද අලුයම ඔහුගේ මළ සිරුර ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත්තේ.

ඒ අසල තිබී වස කුප්පියක් ද හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැති විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල්කුඹුර, වෙහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් කැලෑවකට පැන ගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරු දෙදරු පියෙක් වන අතර , වැඩිමහල් පුත්‍රයාට අවුරුදු 18 ක් වන බව ද වාර්තා වෙයි.

මෙම සැකකරු විවාහකයකු වන අතර නිවසට පොලිස් කණ්ඩායම් යන විට ඔහු බිරිඳ සමග සිට ඇති අතර ඔහු සියදිවි නසාගැනීමට පෙර සිය බිරිඳගෙන් සමාව ඉල්ලා ලිපියක්ද ලියා තබාගොස් ඇත.