FAST NEWS

24×7 Around the Globe

කොවැක්ස් පළමු එන්නත් තොගය මේ මස 7 වනදා දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබෙන කොරෝනා එන්නත් තොගයේ පළමු කොටස මේ මස 07 වනදා වනවිට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩි රෝග පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.  

ඇය මේ බව කියා සිටියේ පුත්තලම ප්‍රදේශයේ ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර , ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 318 දෙනා අතුරින් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම සංඛ්‍යාව 72 ක්. මීට අමතරව කොළඹින් 63 ක් , ගම්පහින් 57 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 29 ක් ආදී ලෙස ආසාදිතයන් වාර්තා වී ඇත.